යටවර පෙන්නුවොත් මහේස්ත්‍රාත්ගේ අලියා නිදහස්


කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ අලි පැටවා නිදහස් කරන්නැයි ඔහුගේ නීතීඥ නෙවිල් අබේරත්න මහතා අද ඉල්ලීමක් කළේය.

මෙම  අලි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ විභාගයට ගැනිණි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහේස්ත්‍රාත්වරයා හමුවේ අභියෝගයක් කරමින් කියා සිටියේ තිලිණ ගමගේ මහතාට එම අලි පැටවා විකිණූ බව කියන යටවර නම් පුද්ගලයා ඉදිරිපත් කළහොත් 24 පැයක් යන්නට පෙර අලි පැටවා ඔහුට නිදහස් කරන බවයි.