යටවත්ත පොලිසිය පක්ෂග්‍රාහීයි


යටවත්ත පොලිසිය පක්ෂග්‍රාහීයැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට අද ලිඛිතව පැමිණිලි කළේය.

මධ්‍යම පළාත් සභාවට තරග කරන ඔහුගේ පුත් චින්තකගේ ආධාරකරුවන් හා ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ බාල සොහොයුරු පරාක්‍රම ආධාරකරුවන් අතර ඇති වූ මේ ගැටුමෙන් චින්තනගේ රියදුරකු රිමාන්ඩ් කර ඇතැයි ද, පොලිස් පරීක්ෂකගේ පක්ෂග්‍රාහී ක්‍රියාව නිසා පහර කෑ අය අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඒකනායක මහතා කියයි.