යකාවැව ඔත්තු බැලූ කොටියා හිරේ


2006 ජූනි 13 වැනි දා කැබිතිගොල්ලෑවේ යකා වැවදී ලංගම බසයකට බෝම්බ තබා ගැමියන් 68 දෙනකු මරා දැමූ සිද්ධියේ වරද පිළිගත් මුතූර් කිලිවෙඩ්ඩියේ තංගනගර්හි කොටි සාමාජික මහලිංගම් මුත්තුලිංගම් නොහොත් ඉන්ද්‍රන්ට (43) වසර පහක සිර දඩුවමක් අද නියම විය.

උතුරුමැද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

ඔහුට එරෙහි චෝදනාව වූයේ බසයක් එන බවට ගසක් උඩ සිට සංඥා කිරීමයි.