යක්කලමුල්ලේ පවුල් 100ක වඩා අවතැන්


යක්කලමුල්ල වල්පළ, බඳුන්ගල, කළුදියවල, පොල්පාගොඩ යන ග්‍රාම නිලධාරීවසම් වල පවුල් 100ක් පමණ අවතැන් වී සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. ඉමදුව යක්කලමුල්ල මාර්ගයේ පෙලන්ගහවත්ත ප්‍රදේශයේ අඩි හතක් පමණ උසට වතුර පිරී ඇති බැවින් ඒ මාගේයේ කිසිදු රථයක් ධාවනය නොවන බව ද තවත් ස්ථාන රැසක් හා පහත් බිම් සියල්ල ජලයෙන් යටවී ඇති බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.  පවුල් 100ක් පමණ අවතැන් වී සිටින බවත් ඔවුන්ට වියළි ආහාර හා අත්‍යවාශ්‍ය ද්‍රව්‍ය ලබාදීම අපහසු වී ඇති බවත් ප්‍රාදේශීය ලේකම් කාාර්යාලය පවසයි. විපතට පත්ව සිටින පිරිස් බේරාගැනීමට නාවුක හමුදා බෝට්ටුවක් ද යොදවා තිබේ.