යක්කලමුල්ල තෙල්ලඹුරේ ස්ථාන කිහිපයකට අද සවස රතු පැහැති වැසි ඇදහැළුණු බව ප්‍රදේශවාසීහු කියති. මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියා සිටියේ රතු වැස්සට හේතුව පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයක් බවයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයකින් හෙලිවූයේ ඇල්ගීවල ඇති බීජානු වැස්ස සමග එකතුවී පොළොවට පතිතවීම හේතුවෙන් වැස්ස රතු පැහැය ඇතුළු විවිධ පැහැය ගන්නා බවයි.

