යක්කලදී ගිලා බැස්ස පාලම ප්‍රතිසංස්කරණය කරයි


(තිලකරත්න දිසානායක)

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල ප්‍රදේශයේදී කොටසක් ගිලා බැසීමට ලක්වූ පාලම ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව අද (4) උදෑසන සිට සාමාන්‍ය පරිදි රථවාහන ගමනා ගමනයට එක් කළ බව මාර්ග සංවර්ධනය අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 

ඉකුත් 30 වෙනි දින පාලමේ කොටසක් ගිලා බැසීමට ලක්වූ අතර එදින සිට අඛණ්ඩව සිය කාර්ය මණ්ඩලය පිළිසකර කිරීම සිදු කරමින් කටයුතු අවසන් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් වැඩ බලන ප්‍රධාන ඉංජිනේරු කසුන් ද අල්විස් මහතා පැවසීය. 

පාලම පැය 96 ක් තුළ යථාතත්ත්වයට පත් කරමින් ප්‍රධාන මාර්ගය රථවාහන ධාවනයට පත්කිරීම නිරීක්ෂණය කරමින් මාධ්‍ය හමුවේ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සදහන් කර සිටියේමේ සඳහා එක්වූ සියලු දෙනාට සිය ස්තූතිය පළ කරන බවයි.