
(තිලකරත්න දිසානායක සහ අංජුල මහීකවීරරත්න)
අත්තනගලු ඔයේ අතු ඇළක් වන යක්කල ආයුර්වේදය අසලින් ගලා බසින ඇළ හරහා ඉදිකර ඇති පාලම ආසන්නයෙන් මාර්ගය ගිලා බැසීමට ලක් වීම නිසා කොළඹ මහනුවර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමූ බව විරඟුල පොලිසිය කියයි.
එම මාර්ගයේ ගමන් කරන්නන් විකල්ප මාර්ග භාවිත කරන්නැයිද පොලිසිය කියයි.
මෙම මාර්ගය සහ පාලම මීට මාස කීපයකට ඉහත දී නවීකරණ කළ එකක් බව ද දැනගන්නට ඇත.
පවතින අධික වරෂාවත් සමග විකල්ප මාර්ග භාවිත කිරිමට අපහසුවී ඇත ඇතැම් ස්ථානවලින් මාර්ග තවමත් යටවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති. මෙම මාර්ගය අසල අත්තනගලු ඔය අතු අළ වසර ගණනාවක් තිස්සේ පිළිසකර නොකිරීම නිසා සාමාන්‍ය වැස්සකදී පවතා එහි ජලය පීරි ඉතිරීයයි. ජල බැස්ස නිසියාකාරව සිදු නොවන බව අසල පදිංචිකරුවකු පැවැසීය.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වී කඩිනමින් මාර්ගය විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අප වාර්තාකරුවෝ පැවැසීය.
--------------------------------------------------------------
(අංජුල මහික වීරරත්න සහ තිලකරත්න දිසානායක)
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ යක්කල ආයුර්වේදය අසල පාලමේ මැද කොටස ගිලා බසිමින් ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
මෙි නිසා යක්කල -තිහාරිය අතර මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි ඉල්ලා සිටී.
වීරගුල පොලිසිය වහා ක්‍රියාත්මක වී සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම එම මාර්ගය වසා දැමීමට කටයුතු කළේය.
කඩිනමින් කුහරය පුරවා වැලිකොට්ට දමා මාර්ගය පිළිසකර කිරීමට කටයුතු කරන බව මාර්ග සංවර්ධන ඉංජිනේරුවෝ පවසති.
(ඡායා තිලකරත්න දිසානායක)



(ඡායා දහම් සංකල්ප)



