යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති පත් කිරීමට එරෙහිව උද්ඝෝෂණය කිරීමට අට්ටාලයක් තනමින් සිටි සිසුන් පිරිසක් පහර කෑමට ලක් වී යැයිද දෙදෙනකු තුවාල ලබා රෝහලට ඇතුලත් වී සිටිතියිද සිසුහු කියති.
සිසුන් කියනුයේ පොලීසිය ඔවුනට පහර දුන් බවයි.
පොලීසිය කියනුයේ පොලීසිය ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් වෙනත් පිරිසක් ඔවුනට පහර දී ඇති බවයි.
සැකකරුවන් අත් අඩංගුවට ගෙන නැත. අට්ටාලයද ඉදි කර නැත.

