දංකොටුව බුජ්ජම්පොළ දී මරා වෑන් රියක දමා පුළුස්සා තිබබෙව කියන සිරුරු පහ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) මීගමුව මහ රෝහලේදී පැවැත්වේ.
රියදුරු බව කියන නේවි කපිල නොහොත් කපිල සෙනරත් බණ්ඩාරගේ සිරුර ඔහුගේ බිරිය හා ඥාති පුත්‍රයෙක් විසින් හඳුනාගනු ලැබූහ.
කපිලගේ දකුණු පාදයේ තිබූ ආබාධයක් හේතුවෙන් සවිකළ යකඩ පතුරකින්ද ඔහුගේ ගෙළේ තිබූ සුදු යකඩ මාලයකින්ද හඳුනාගැනීමට ඔහුගේ බිරිය හා ඥාති පුත්‍රයා සමත්වූහ.
මළ සිරුරුවල එක්ස් රේ පරීක්ෂණයක්ද සිදුකළ අතර දංකොටුව පොලිසිය මරණ පරීක්ෂණයට සහාය විය.
පන්නල මාකදුර පදිංචිව සිටි නේවි කපිල හා ඔහුගේ සහයකයන්ගේ දැවී ගිය සිරුරු සියුම් ස්කෑන් පරික්ෂණයකට ලක්කර හඳුනා ගැනීමට උත්සහ කරන බව මීගමු රෝහල් ආරංචි මාර්ග කියයි.

![IMG_0013[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_00131.jpg)
![IMG_0008[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_00081.jpg)
![IMG_0009[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_00091.jpg)
![IMG_0012[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_00121.jpg)
