බ්‍රිතාන්‍යයේ පළමු කාන්තා අගමැතිනි මාග්‍රට් තැචර් මහත්මිය අද (08) උදෑසන අභාවප්‍රාප්ත වුවාය.
මිය යන විට 87 වැනි වියේ විසු මාග්‍රට් තැචර් මහත්මිය ඇයගේ පාලන සමයේදී අවට ලෝකය විසින් හදුන්වනු ලැබුවේ ‘‘යකඩ ගැහැණිය‘‘ ලෙසිනි. 1979 සිට1990 දක්වා ඇය බ්‍රිතාන්‍ය පාලනය කළ අතර එරටෙහි ආර්ථීක ප්‍රතිසංස්කරණ රැසක්ම ඇගේ නායකත්වයෙන් සිදු විය.
බ්‍රිතාන්‍ය කොන්සර්වටිව් පක්ෂයේ නායිකාව ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටද ඇය තේරීපත් වුවාය.