මෝෆීන් මත් පෙති විකුණා දිවි තෙක් හිරේ


ලංකා ඉතිහාසයේ පළමු වතාවට මොර්ෆීන් ලඟ තබා ගෙන ඡුාවරම් කිරීමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පී‍්‍රතී පද්මන් සුරසේන මහතා ජීවිතාන්තය දක්වා වු සිර දඩුවම් නියම කළේය.

අප රට මහත් ව්‍යසනයකට පත් කොට ඇති සමාඡු පිළිලයක් වන මත් ද්‍රව්‍ය ජාවරම්කරුවකුට උපරීම දඩුවම් ලබා දෙන ලෙසත් අනෙකුත් මත් ද්‍රව්‍ය ඡුාවරම් කරුවන්ට පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දඩුවම් නියම කරන ලෙසත් රඡුයේ නීතීඥ කේ. වී. ඉන්දිකා මහත්මිය කළ  ඉල්ලා සිටියේ  මොහමඞ් සාපී මොහමඞ් නෙසුවර්ට එරෙහි පැමිණිල්ලේ කරුණු දක්වමිණි.

2008 දෙසැම්බර් 03 වැනි දා දෙමටගොඩදී හෙරොයින් ග‍්‍රෑම් එකකට අඩු ප‍්‍රමාණයක් ලඟ තබාගෙන ඡුාවාරම් කිරීම සහ මොර්ෆීන් ග‍්‍රෑම් 7.69ක් ළඟ තබා ගෙන ඡුාවාරම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.