කළු ගඟ හා නිල්වලා ගඟ පිටාර මට්ටමට ලඟා වී ඇති බැවින් අවධානයෙන් සිටින ලෙස ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඒ අවට පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාතිලක මහත්මිය පවසන්නේ අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවන බවයි. අකුණු අනතුරු පිළිබඳ සැළකිලිමත් විය යුතු බව ද ඇය කියා සිටියාය. නිරිත දිග මෝසම් සක්‍රීය වීම නිසා හටගන්නා මෙම වැසි ජුනි මස තවත් සතියකට වැඩි කාලයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යාඥයෝ කියති. මෙලෙස වැසි ඇති වුවහොත් ගාල්ල, මාතර, රත්නපුරය, කළුතර හා කෑගල්ල දිස්ත්‍රික්ක වල නායයාම් ඇතිවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කරන ලද අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු වේ.
(ඡායාරූය-මාතර)