‘ශ්‍රී ලංකාව ජයග්‍රහණ රැසක් හිමි සම්පත් දක්ෂතා රැසකින් පිරි රටක්. ශ්‍රී ලංකාවට අධ්‍යාපනය, කුසලතා හා ව්‍යවසාය රැසක් තිබෙනවා. රටේ පිහිටීම ඉතා වැදගත්. දැන් ශ්‍රී ලංකාවට සාමයත් තියෙනවා. ලෝකයේ හොඳම රටවල් සමඟ තරග කළ හැකි බව ශ්‍රී ලංකාව පෙන්වා තිබෙනවා. ‘ යැයි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමුවෙමින් පැවසීය.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කර තිබූ ව්‍යාපාරික හමුවට දේශීය හෝ විදේශීය ව්‍යාපාරිකයෝ හා ආයෝජකයෝ රැසක් සහභාගී වූහ.
‘ශ්‍රී ලංකාවේ විශාලම ව්‍යාපාරික සගයා හා එහි ආයෝජනය කරන විශාලම සම්පත වීමට ඉන්දීයාව කැමැත්තෙන් සිටිනවා. ලංකාව ඉන්දියාට කළ අපනයන 16 ගුණයකින් වැඩි වී තිඛෙනවා. මෙය සෑම අතින්ම වැදගත්. ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආයෝජකයන් අපනයන වැඩි කරගැනීමටත් කටයුතු කළ යුතුයි. ඉන්දියාව ලෝකයට විවෘතයි. ඉන්දියා ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දැඩි කැමැත්තක් දක්වනවා. අපට අතීතයේ සිට එන ශක්තිමත් බැඳීමක් තියෙනවා. අප එය ආර්ථීක අතින්ද ශක්තිමත් කළ ගත යුතුයි. ශ්‍රී ලංකාවට ඉන්දියාව හොඳම ව්‍යාපාර සගයා වෙන්න පුළුවන්. ඒ වගේම අපිට කලාපයක් විදියට විශාල වෙළෙඳපොළක් බවට පත්විය හැකියි. අපට ඒ සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. අප ජාතියක් වශයෙන් ගොඩනැගිය හැකියි. අප ශක්තීන් නිවැරැදිව භාවිත කළහොත් අපට විශාල හා ශක්තිමත් ආර්ථීක සබඳතාවක් ගොඩනගා ගත හැකියි .‘







