ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සෙනසුරාදා සන්ධ්‍යාවේ කොළඹ ඉන්දියා මහ කොමසාරිස් නිල නිවසේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවී පැය බාගයක පමණ සාකච්ඡාවක් පැවැත්වීය.
ඔවුන්ගේ සාකච්ඡාවට කුමක් භාජනය වූයේදැයි හෙළිවී නැත. තමා පරාජය කිරීමට ඉන්දියාවේ රෝ ඔත්තු සංවිධානය සීඅයිඒ හා බ්‍රිතාන්‍යයේ එම්6 ඔත්තු සේවය සමග කුමන්ත්‍රණය කළැයි හිටපු ජනපති පැවසූයේ මෝදි ශ්‍රී ලංකාවේ සිටියදීමය.
සෙනසුරාදා මෝදි හමුවන බව හිටපු ජනපති කියා ඇත්තේ ඊට පෙර දිනයේය. සෙනසුරාදා අනුරාධපුර හා යාපන ගමන අවසානයේදී මෝදි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයන්ද හමුවිය.
සංවර්ධන සහයෝගිතා අවස්ථා ගැන එහිදී සාකච්ඡා කළ බව දැනගන්නට ඇත.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවීමෙන් පසුව තර්ස්ටන් පාරේ ඉන්දියා හවුස් හිදී පැවැති භෝජන සංග්‍රහයෙන් පසුව සිය ඵෙතිහාසික ශ්‍රී ලංකා සංචාරය හමාර කළේය.


