ඉන්දිය ණය ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කළ මැදවච්චිය - තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගය, ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි. කොටි සංවිධානය විසින් මීට වසර 27කට පමණ පෙර කල්අඩි පාලම පුපුරුවා හැරීමෙන් පසු මෙම මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය. මෙම මාර්ගය කිලෝ මීටර් 106 දුරකින් යුතු වන ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 253ක් වැයකොට ඇත. අද දහවල් පමණ 12.45 ට පමණ තලේයිමන්නාරමට ළඟා වූ මෝදි මහතා පිළිගැනු ලැබුවේ ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහත්තරුවන් විසිනි. මෙම අවස්ථාවට සෙල්වම් අඩෙක්කලනාදන්, ශවශක්ති ආනන්දන් යන මහත්වරුද ප්‍රදේශාවසීහු විශාල පිරිසක් ද සහභාගී වූහ.








