
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් සිදුව තිබේ.
මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයන් මුහුණ දුන් ස්වාභාවික විපතට තම දැඩි ශෝකය පිරිනමා ඇති අතර ශ්‍රී ලාංකික ජාතියක් ලෙස යළි නැගී සිටීමේ ගමනට ඉන්දියාවේ උපරිම ශක්තිය ලබාදෙන බව සඳහන් කර තිබේ.
එහිදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත්තේ අසීරු මොහොතේ සහන කණ්ඩායම් එවමින් දැවැන්ත ශක්තියක් සැපයූ ඉන්දීය රජයට තමාගේ මෙන්ම ලාංකික ජනතාවගේ හෘදයාංගම කෘතවේදීත්වය පළ කරන බවයි.ඉන්දියාව ශ්‍රී ලංකාවට දක්වන සහයෝගය වෙනුවෙන් මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පෞද්ගලිකවම සිය කෘතඥතාවය පළ කර තිබේ.

