
යුක්රේන අර්බුදය විසඳීම සඳහා කළ හැකි සෑම දෙයක්ම ඉන්දියාව සිදු කරන බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජී7 සමුළුවේදී යුක්රේන ජනාධිපති වෙත ප්‍රතිඥාවක් ලබා දී ඇත.
ජනාධිපති සෙලෙන්ස්කිගේ සහ යුක්රේන ජනතාවගේ වේදනාවන් තමන් හොඳින් දන්නා බව ජී7 සමුළුවට සමගාමීව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමඟ පැවති හමුවකදී මෝදි පවසා තිබේ.
තමන් පුද්ගලිකවත් ඉන්දියාව රාජ්‍යයක් ලෙසත් යුක්රේන අර්බුදය විසඳීම සඳහා කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බව එම හමුවේදී මෝදි ප්‍රකාශ කර ඇත.
ජනාධිපති සෙලෙන්ස්කි තම ටෙලිග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් යුක්රේනයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට ඉන්දියාව ලබා දෙන සහාය පිළිබඳ ස්තුතිවන්ත වී තිබේ.
එසේම ඉන්දියාව යුක්රේනයට ලබා දෙන මානුෂීය ආධාර පිළිබඳවද ස්තුතිය පළ කර ඇති සෙලෙන්ස්කි යුක්රේනයේ සාම සැලැස්මට සම්බන්ධවන ලෙසද ඉන්දියාවට ආරාධනා කර ඇත.
(034)

