මෝදනා අවුරුදු උලෙළ


උදා වූ සිංහල අවූරුද්දේ ඉතාලියේ මෝදනා මෛතී‍්‍ර විහාරය සහ මෝදෙනා  ලංකා සංස්කෘතික හා සමාජ සේවා සංගමයේ සංවිධානයෙන් මහත් උත්කර්ශවත් අන්දමින් අවුරුදු උළෙල පැවැත්විණි.
අවුරුදු චාරිත‍්‍ර ඉටු කිරීම මෛතී‍්‍ර විහාරස්ථානයේදී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු විය. මහා මාර්ග හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා විය. සියලූ අවුරුදු කී‍්‍රඩා සහ සංස්කෘතිකාංග ද  සංගීත සංදර්ශනයක්ද  උළෙලේ කැපී පෙනිණි.