මෝඩයන්ගේ දිනටත් කලින් හොඳ ලණුවක් කාලා


ජංගම දුරකථන සමාගමක තරගයකින් රුපියල් දස ලක්ශයක් ජයග්‍රහණය කර ඇතැයි මොරවක තේ කම්හල් සේවකයෙකු රවටා රුපියල් 75000 ක පෙර ගෙවීමක් ගත්බව කියන පුද්ගලයෙක් මොරවක පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුගේ තෑග්ග බැංකු ගිණුමට බැර කිරීමට පෙර රුපියල් 75000 ගෙවීමට ඔහුට උපදෙස් දී ඇත. ඒ සියල්ල කළ පසු ඔහුට ඇමැතුම් ලැබුණු  දුරකථන අංකය විසන්ධි වී ඇත. ඉන්පසු ඔහු පොලිසි ගියේය.