මෝඩකමට බෙහෙත් නැත


ඇඹිලිපිටිය - කොළඹ පෞද්ගලික බස් රථයකදී හිමිනමකට පහරදී බසයෙන් බිමට ඇද දැමූ සිද්ධියට සම්බන්ධ වූ බස් කොන්දොස්තර හා රියැදුරු අද පහරකෑමට ලක්වූ හිමිනමගෙන් වැඳ සමාව ගත්තේය.

පසුගිය මැයි නව වැනිදා කහවත්ත කෙටේ තැන්නේදී පහර කෑමට ලක්වූයේ සෙවනගල ඥාණවිමල ස්වාමීන් වහන්සේය. ‘රාවණා බලය‘ භික්ෂු සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන උන්වහන්සේ මෙම මෙම සිද්ධිය තම සංවිධානයට ද දැන්වීමෙන් අනතුරුව දෙපර්ශ්නයේ එතඟතාවය මත මෙසේ වැඳ සමාව ගෙන සිද්දිය සමථයකට පත් කැරිණි.

රාවනා බලයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් එම් කේ බී දිසානායක මහතා ද මෙම අවස්ථාවට එක් වූහ.

කොළඹ - ඇඹිලිපිටිය බස් රථයේ කොන්දොස්තර ශාන්ත කුමාර හා රියැදුරු ලලිත් කුමාර අද බුද්ධ ශාසන අමාත්‍යංශයේදී මෙසේ වැඳ සමාව ගත්තේය.