මෝටර් රිය ගියා ගියාමයි


රාවණ ඇල්ල ප්‍රදේශයේදී අගහරුවාදා (06) රාත්‍රී අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරලී ගිය මෝටර් රථය මේ වන තෙක් සොයා ගෙන නැතැයි ඇල්ල පොලිසිය කියයි.

මෝටර් රථයේ ගමන් ගත් යුද හමුදාවේ දෙදෙනෙකු මෝටර් රථයෙන් පැන දිවි බේරාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.