(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කහතුඩුව මහවංගුව ආසන්නයේදී රියදුරුට කැත්තකින් පහරදී බරපතල තුවාල සිදුකර රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝභෝගී මෝටර් රථය කොල්ලකෑ කණ්ඩායමේ අපරාධ කල්ලි සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සංවිධානාත්මක් අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුරුවිට ආරච්චිගේ කවිදු ධනංජය නොහොත් සැන්ඩෝ යන අයගේ ගෝලයන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.
අනෙක් සැකකරු ඔවුන්ට නවාතැන් පහසුකම් දුන් පුද්ගලයා බව පොලිසිය සඳහන් කරයි. එම සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රවය මිලිගෑම් 10300 ක් පොලිස් භාරයට ගෙන ඇත
.

