මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මහජන සේවා නවතී


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ.අලහකෝන් මහතා පවසයි.

කොවිඩ්-19 වයිරසය හේතුවෙන් රට තුළ‍ නැවතත් උද්ගතව ඇති අවදානම් සහගත තත්වය මත මේ මස 7, 8 සහ 9 යන තෙදින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරහෙන්පිට කාර්යාලය සහ වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකරන බව ඒ මහතා පැවසීය.