(විනීතා එම් ගමගේ)
මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු දන් දීම පිළිබඳව ජනතාව අතර උනන්දුවක් ඇතිවෙමින් පවතිතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රත්නසිරි ඒ හේවගේ මහතා ලංකාදීපයට අද (17) පැවැසීය. ඉකුත් වසර පුරා එසේ මියගිය රෝගීන් ගෙන් ලබා ගත් වකුගඩු හයක් වකුගඩු රෝගීන්ට බද්ධ කළ අතර මේ වසරේ මුල් මාස තුනට පමණක් වකුගඩු හයක් ලබාගෙන රෝගීන්ට බද්ධ කළ හැකි වූ බව වෛද්‍ය රත්නසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
සාමාන්‍යයෙන් වසරක් ඇතුළත 1000 කට ආසන්න පිරිසක් මොළයට සිදුවන අනතුරු නිසා මිය යන අතර වකුගඩු රෝගියෙකුට බද්ධ කළ හැකි මට්ටටේ නිරෝගී වකුගඩු 1500 කට ආසන්න ප‍්‍රමාණයක් ජනතාවගේ නොදැනුවත් බව නිසා ලබා ගත නොහැකිව තිබු බවද හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ බව කී අධ්‍යක්ෂවරයා එය සමාජයේ සියලූ මට්ටම්වලට ගෙන යාම තම උත්සාහය බවද ප‍්‍රකාශ කළේය.

