රූපවාහිනී සංස්ථාවේ සභාපති මොහාන් සමරනායක මහතා අද (01) පස්වරුවේ එම ධුරයෙන් ඉල්ලා අස්විය.
සමරනායක මහතා 2011 වසරේ ජුනි මස පළමු වැනි දා සිට රූපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළේය.
ඒ මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලෙස දිගටම කටයුතු කරනු ඇත.
මෑතකදී දකුණු පළාත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති ජී ඩබ්ලිව් ප්‍රතාපසිංහ මහතා නව සභාපති ලෙස පත්වෙතියි දැනගන්නට ඇත.