මොහාන් පීරිස්ට තර්ජනය කිරීම ගැන උසාවියට වාර්තාවක්


පසුගිය ජනවාරි 28 වැනිදා තමාට තර්ජනය කළැයි හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා විසින් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන්  කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙසේත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට වාර්තාවක් ඉදිරිපත් කළේය.

ඔහුට තර්ජනය කළැයි කියන අයගේ ජංගම දුරකත විස්තර දැන ගැනීමටත් දෙදෙනකුගේ කට උත්තර ගැනීමටත් පොලීසිය කළ ඉල්ලීමට අවසර ලැබිණි.වැඩිදුර විභාගය මාර්තු 9 වැනිදාට කල් තැබිණි.