මොහාන් පීරිස් යා යුතු බව නීතිඥ සංගමය කියයි


අග විනිසුරු මොහාන් පීරිස් මහතා වහාම අග විනිසුරු පදවියෙන් ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි.

ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී අග විනිසුරු පීරිස් අරලිය ගහ මන්දිරයේ සිටි බව එහි ගිය රනිල් වික්‍රමසිංහ මහතා දුටු බව තමාට පැවසී යැයි නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා කියයි.

එදින අරලිය ගහ මැදුරේ සිටි අය කවුදැයි සීසීටීවී ආරක්ෂක කැමරාවලින් සොයා ගත හැකි බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා මේ අතර පවසයි.