මොරවක පරදුපල්ලේ තේවත්තක පස් දෙනකුට අකුණක් වැදී හතර දෙනකු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
තේ දළු නෙළා අවසානයේ වත්තේ ගිමන් හරිමින් සිටිය දී අකුණ වදින්නට ඇතැයි ද, එම පිරිසෙන් කෙනකු ජංගම දුරකතනයක් පාවිච්චි කරන්නට ඇතැයි ද පොලිසිය කියයි.
මිය ගිය දෙදෙනෙකු කාන්තාවන් බව ද පොලිසිය පවසයි.

