වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව පොලිසියේ සිව්දෙනකු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මූලස්ථාන පොලිස් පරීක්ෂක එම් නූර්දීන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක එල් ජී සද්ධාරත්න සහ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු වන එම් ගාමිණී ඩී ඩබ්ලිව් වීරරත්න යන නිලධාරීන් පිරිස මෙලෙස මාරු කරනු ලැබූහ.
සුනන්දෝපනන්ද විහාරාධිපති ඝාතනය මීට ආසන්න හේතුව බව කියති.