අන්තර් විශ්ව විද්‍යාල ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයෙන් බංගලාදේශයේ ලිබරල් ආර්ට්ස් කණ්ඩායම පරදවා කඩුලූ 5 ක ජයක් ලබාගනිමින් ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මහ බි‍්‍රතාන්‍යයේ ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම අද (4 වැනිදා) සමත්විය.
එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අනිත් කණ්ඩායම වන්නේ ශ්‍රී ලාකාවේ මොරටුව ශාර්ක්ස් කණ්ඩායමයි.
ජේ. ඕ’නියන් (34) සහ ඇලෙසක් මාර්ටින් (47) එක්ව ගොඩනැගූ නොබිඳුණ ලකුණු 87 ක සම්බන්ධතාවය ඒකාබද්ධ කණ්ඩායමට ජය ගෙනාවේය.
ලිබරල් ආර්ට්ස් කණ්ඩායම ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී ලකුණු 133
(ජෙසී අහමඞ් 16, මහමදුර් රහුමාන් 41, ඉෆ්තිකාර් අහමඞ් 31, මොර්සලින් මොටාසා 15, ජේම්ස් සර්ඩිංටන් 21/2, බෙන් වෙයිලි 45/2, රොබට් වූලි 14/2)
ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම ඕවර 19.2 ක් තුළදී කඩුලූ 5 ක් දැවී ලකුණු 134
(සයිඞ් ෆෝඞ් 18, හැරී බුෂ් 11, ජේ. ඕ’නියන් නොදැවී 34, ඇලෙසක් මාර්ටින් නොදැවී 47)