මොරටුව ශාර්ක්ස් කි‍්‍රඩකයෝ බි‍්‍රතාන්‍ය සරසවිය පරදවති


රෙඞ්බුල් විශ්ව විද්‍යාල ලෝක ශූරතා තරගාවලයේ දෙවැනි දිනය වන අද (3 වැනිදා) රාති‍්‍රයේ පැවති තරගයෙන් බි‍්‍රතාන්‍යයේ ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම පරදවා කඩුලූ 3 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකාවේ මොරටුව ශාර්ක්ස් කණ්ඩායම සමත්විය. මෙය තරගාවලියේදී ඔවුන් ලද පළමු ජයයි.

කඩුලූ 2 ක් දවාගත් මොරටුව ශාර්ක්ස් කණ්ඩායමේ නායක සහන් පෙරේරා, හයේ පහරක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 20 ක් ද රැස්කරමින් තරගයේ වීරයා ලෙසින් සම්මාන ලැබීය.

මහ බි‍්‍රතාන්‍ය ඒකාබද්ධ විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 20 තුළදී කඩුලූ 8 ක් දැවී 106
(හැරී බුෂ් 34, ඇලෙක්ස් මාර්ටින් නොදැවී 24, ජේම්ස් සර්ඩිංටන් 15, රුමේෂ් මධුසංක 12/2, රන්දික පෙරේරා 31/2, සහන් පෙරේරා 12/2)

මොරටුව ශාර්ක්ස් විශ්ව විද්‍යාල කණ්ඩායම  ඕවර 18.1 ක් තුළදී කඩුලූ 7 ක් දැවී 109
(ගගිත් අබේසේකර 17, සහන් පෙරේරා 20, රන්දික පෙරේරා 29, ලාලිත ප‍්‍රසංග 11, ජේම්ස් ලෝමස් 20/3, ජොෂ් ඔසිඩන් 20/2, ලූක් බ්ලැක්බි 17/2)