රෙඞ්බුල් කැම්පස් කි‍්‍රකට් ලෝක ශූරතා තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අද (2 වැනිදා) පෙ. ව. 9.00 ට පේ‍්‍රමදාස ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදී තරග බිමට පිවිසීමට නියමිතය.
තරගාවලියේ තරග කාල සටහන සහ කණ්ඩායම් වර්ගීකරණය තරගාවලියට සහභාගී වන කණ්ඩායම් හයේ නායකයන්ගේ සහාගිත්වයෙන් ඊයේ ගල්කිස්ස මුහුදු තීරයේදී එළිදැක්විණ.
එම වර්ගීකරණයට අනුව ඉන්දියාව, පාකිස්තානය සහ ඕස්ටේ‍්‍රලියාව ‘ඒ’ කාණ්ඩය යටතේ ද, ශ්‍රී ලංකාව, මහා බි‍්‍රතාන්‍යය සහ බංගලාදේශය ‘බී’ කාණ්ඩය යටතේ ද තරග වදිති.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන ‘මොරටුව ශාර්ක්ස්’ කණ්ඩායම සහභාගී වන පළමු තරගය මහා බි‍්‍රතාන්‍යයට එරෙහිව අද (2 වැනිදා) ප. ව. 12.30 ට ආරාම්භ වීමට නියමිතය.
එම තරගයට අමතරව ඔහුන් හෙට දිනයේදී බංලගාදේශ කණ්ඩායමට එරෙහිව තවත් තරගයකට සහභාගීවන වන අතර එම තරගය ආරම්භ වන්නේ ප. ව. 7.30 ටය.
තරගාවලියේ නිතී රීති අනුව කණ්ඩායමකට තම කාණ්ඩයේ සිටින අනිකුත් කණ්ඩායම් 2 සමගින් තරග හතරකට සහභාගී වීමට සිදුවේ. එම තරග වලින් වැඩිම ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණයක් හිමිකරගන්නා කණ්ඩායම් 2 ට අවසන් පූර්ව තරග සඳහා සහභාගී වීමට අවස්ථාව හිමිවේ.
තරගාවලියේ අවසන් පූර්ව තරග අපේ‍්‍රල් 5 වැනිදාත්, අවසන් තරගය අපේ‍්‍රල් 6 වැනිදාත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තරග කාලසටහන
අපේ‍්‍රල් 2
පෙ. ව. 9.00 | ඕස්ටේ‍්‍රලියාව | vs | ඉන්දියාව |
ප. ව. 12.30 | ශ්‍රී ලංකාව | vs | මහා බි‍්‍රතාන්‍යය |
ප. ව. 4.00 | ඕස්ටේ‍්‍රලියාව | vs | පාකිස්තානය |
ප. ව. 7.30 | ශ්‍රී ලංකාව | vs | බංගලාදේශය |
අපේ‍්‍රල් 3
පෙ. ව. 9.00 | ඉන්දියාව | vs | පාකිස්තානය |
ප. ව. 12.30 | මහා බි‍්‍රතාන්‍යය | vs | බංගලාදේශය |
ප. ව. 4.00 | ඕස්ටේ‍්‍රලියාව | vs | ඉන්දියාව |
ප. ව. 7.30 | ශ්‍රී ලංකාව | vs | මහා බි‍්‍රතාන්‍යය |
අපේ‍්‍රල් 4
පෙ. ව. 9.00 | ඕස්ටේ‍්‍රලියාව | vs | පාකිස්තානය |
ප. ව. 12.30 | ශ්‍රී ලංකාව | vs | බංගලාදේශය |
ප. ව. 4.00 | ඉන්දියාව | vs | පාකිස්තානය |
ප. ව. 7.30 | මහා බි‍්‍රතාන්‍යය | vs | බංගලාදේශය |
අපේ‍්‍රල් 5
පෙ. ව. 9.00 | වර්ෂාවෙන් බධා ඇතිවන තරග සඳහා |
ප. ව. 12.00 | වර්ෂාවෙන් බධා ඇතිවන තරග සඳහා |
ප. ව. 3.00 | අර්ධ අවසන් තරග 1 - (A1 vs B2) |
ප. ව. 6.30 | අර්ධ අවසන් තරග 1 - (A2 vs B1) |
අපේ‍්‍රල් 6
පෙ. ව. 9.00 | වර්ෂාවෙන් බධා ඇතිවන තරග සඳහා |
ප. ව. 12.30 | වර්ෂාවෙන් බධා ඇතිවන තරග සඳහා |
ප. ව. 6.30 | අවසන් මහ තරගය |
(ඡයාරූපය - ශානුක අරවින්ද)
තරගාවලියට සහභාගිවන කණ්ඩායම් හයේ නායකයෝ රෙඞ් බුල් කැම්පස් කුසලාන සමග...