මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර මොරටුවේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට ශාන්ත සෙබෙස්තියන් විද්‍යාලය සමත් විය.
පළමු ඉනිමේදී ගයාන් සිල්වා සහ අවිෂ්ක ප‍්‍රනාන්දු එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ ලකුණු 217 ක සම්බන්ධතාව නිසා ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට සි මුල් ඉනිම වෙනුවෙන් කඩුල දෙකක් දැවී ලකුණු 221 ක් ලබාගත හැකි විය. ගයාන් සිල්වා ලකුණු 106 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය. ඔහුට අනගි සහයක් ලබා දුන් අවිෂ්ක ප‍්‍රනාන්දු හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් ද සමගින් නොදැවී ලකුණු 100 ක් රැස්කළේය.
දකුණතින් පා දග පන්දු යවන අනුෂ්ක පෙරේරා සිල්වෙස්ටර් පළමු ඉනිමේදී කඩුලූ 5 ක් දවාගත්තේය.
ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 86
(හන්සමාල් පෙරේරා 20, අනුශ්ක පෙරේරා 36/5)
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම එක් කඩුල්ලක් දැවී 221
(ගයාන් සිල්වා 106, අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී 100)
ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලූ 2 ක් දැවී 148
(හන්සමාල් පෙරේරා 37, මොහොමඞ් රිෆාස් 31, ඉඳුනිල් සමරතුංග නොදැවී 66)