අධ්‍යාපන චක්‍රලේඛවලට පටහැනිව ළමයින් ඇතුළත් කිරීමේදී ලක්ෂ ගණනින් මුදල් ගෙන, විද්‍යාලයීය කණිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමයේ ගිණුමට බැර කරවා ගත් බව කියන මොරටුව පාසලක විදුහල්පතිවරයකුගේ වැඩ තහනම් කරන ලෙස අමාත්‍යංශ විමර්ශන කණ්ඩායමක් නිර්දේශ කර ඇතැයි අමාත්‍යංශ ආරංචි කියයි.
එම නිර්දේශය සඳහා අනුමැතිය ලබා ගැනීමට රාජ්‍ය සේවා කොමිසමට යවා ඇත. ඒ අනුව හෙට (05) හෝ අනිද්දා(06) ඔහුගේ වැඩ තහනම් කරතියි දැනගන්නට ඇත.
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එම් එච් එන් චිද්‍රානන්ද මහතා පැවසුවේ මෙම විදුහල්පතිගේ වැඩ තහනම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා කොමිසමට ලිඛිතව දැන්වා ඇති බවයි. රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ ලද වහාම එය ක්‍රියාත්මක කරන බවයි.