මොරටුව එගොඩ උයනේ සුනන්දෝපානන්දාරාමයේ මැටිගහතැන්නේ විමලවංශ හිමියන් කපා කොටා ඝාතනය කළ සිද්ධියේ පළමු සැකකරු වන මොරටුව නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මාර්තු 7 වැනි දා දක්වා ද සෙසු සැක කරුවන් නව දෙනා මාර්තු 14 වැනි දා දක්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු පුර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.
රිමාන්ඩ් කළ සෙසු සැක කරුවෝ මොවුහුය.
එස් . ධනුෂ්ක ප්‍රනාන්දු
සුදේශ් ධනුෂ්ක ප්‍රනාන්දු
එම් දිනේෂ් ලක්මාල්
චින්තක රුවන්ද සිල්වා
තිරුමලන් ඉලන්කෝන්
දුරේෂානි කේසවන්
ඉෂාන් කාවින්ද
දිල්රුක් මෙන්ඩිස්
නියෝජ්‍යය පුරපති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එය කල් දමා මොහු හදුනාගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සුදුසු ද නැද්ද යන වග සොයා බලා කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.
කොළඹ අපරාධ කොටිඨාශයේ ස්ථානාධිපති හේමන්ත දික්ඕවිට මහතා අද (28)සාක්කි දුන්නේය.

