මොරටු සුසානයේ තේක්ක ගස්වලට පොලිසිය පණදෙයි


මොරටුව රාවතාවත්ත සුසාන භූමියේ වසර 20 ක් පමණ පැරණි තේක්ක ගස් කැපීම තහනම් කළ පොලිසිය සුසානයට පොලිස් මුර දැමීය.

නගරාලංකාරය සඳහා යැයි කියමින් නගර සභාවේ සම්මත යෝජනාවක් අනුව ගස් කපන බව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු කියයි. එහෙත් ඒ සඳහා වූ ලියවිලි කිසිවක් ඉදිරිපත් නොකළ බව පොලිසිය පවසයි.

උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා ගේ පැමිණිල්ල අනුව පොලිසිය එහි පැමිණ ගස් කැපීම නතර කළේය. ඒ වනවිට ගස් 4ක් කපා දමා තිබිණි.

tekka_20151215 tekka_20151215-2 tekka_20151215-3 tekka_20151215-4 tekka_20151215-5 tekka_20151215-6 tekka_20151215-7 tekka_20151215-8