මොරටුව එගොඩඋයන සුනන්දෝපනදාරාමාධිපති හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා ඇතුළු පිරිස ආවරණය කරගෙන මීට ටික වේලාවකට පෙර අධිකරණයට ගෙන එනු ලැබූහ.
භික්ෂූන් වහන්සේ සහ ප්‍රදේශවාසීහු ඔවුනට නීතීඥ සහාය නොදෙන ලෙස දැන්වීම් පුවරු ඔසවාගෙන සිටියහ.
මොරටුව සුනන්දෝපනන්ද විහාරාධිපති හිමියන්ගේ ඝාතන සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි උසාවිය ඉදිරිපිට මහා සංඝරත්න ඇතුළු ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක් පැවැත්වූ නමුත් සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරු 16 දෙනෙක් පෙනී සිටියහ.