මොරටු සරසවිය ගුවනින් අලුත් වැඩක් අරඹයි


අධික රථවාහන තදබදය, මුහුදු  වෙරළ ආශ්‍රිතව සිදු වන ජාවාරම් ,වන සංහාරය ස්වාභාවික අපදා ආදියේ  ගුවන් ඡායාරූප එසැණින් පොළොවේ ජංගම  ම්‍යස්ථානයකට යොමු කැරෙන නියමුවන් රහිත ‘රාවන්‘යානය දෙසතියකින් සිය ගුවන් නිරීක්ෂණය ඇරැඹිමට යයි.

මොරටු විශ්ව විද්‍යාලයයයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු  අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ පවසනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට  ඇරැඹිමට යන මේ නිරික්සුම් යානාවලින් ජංගම මධ්‍යස්ථානයේ තිරය මතට ලැබෙන ඡායාරූප බලා ක්ෂණික පිළියම් යෙදීමට පොලිසියට වන නිලධරයින්ට  හෝ ආපදා කළමනාකරුවනට ඉඩ ලැබෙන බවයි.

මොරටුව විශ්ව විද්‍යාලයයේ  නිර්මාණයක් වන මෙම නියමු රහිත පර්යේෂණ යානය සඳහා පියාසර අවසරය සිවිල් ගුවන්සේවා අධිකාරිය සහ ගුවන්හමුදාව නොබෝදා ලබා දුන්නේය.

කටුකුරුන්දේ  ගුවන් පථයෙන් ‘රාවන්‘ ගුවන් ගත කිරීමටද අනුමැතිය හිමි වී ඇත.

ශ්‍රී ලංකාව නිපද වු ප්‍රථම නියමු රහිත ගුවන් යානය මෙයයි.

‘රාවන්ට‘ කිලෝමීටර් දහයක් පමණ දුර ගුවන් ගත කළ හැකියි.ආරම්භයේදී  කිලෝමීටර් පහක් පමණ දුරට පියාසර කැරෙයි.මෙම යානයට විනාඩි විසි පහක්  පමණ ගුවනේ රැදී සිටිය හැකියි.පැයට කිලෝමීටර් හැටපහක පමණ වේගයෙන් ගමන් කරයි විනාඩි විස්සකදී කිලෝ මීටර් විස්සක් පමණ ප්‍රදේශයක් ආවරණය කරගත හැකියි.

‘උදාහරණයක් ගතහොත් කොළඹ නගරයම මෙම විනාඩි විස්සේදී  ආවරණය කර ගත හැකිය.ගුවන් යානය ගමන් කරන වේගය තව වැඩි කිරීමට පර්යේෂණ කැරෙයි.‘

දුරස්ථ පාලකයක් මගින්  යානය අහසට නැංවිම සහ ගොඩ බැස්ස වීම සිදු කෙරේ.යානය ස්වයංක්‍රියව පියාසර කරයි.

‘මෙම යානය ගුවන් ගත කිරීමට  වැය වන්නේ 50සී සී වර්ගයේ (චැලි) බයිසිකලයක්  ධාවන සහා වැය වන මුදලකි.‘

පොළව මට්ටමේ සිට මීටර් 50-28 දක්වා මීටර් දෙසිය පණහක් ඉහළින් රැදි පොළොවට ඡායාරූප එවිය හැකියි.

අනුරාධපුර,පොළොන්නරුව ප්‍රදේශයන්හි පෙර රජ දවස ඉදි කර තිබු රෝහල්වල නටඹුන් අඩංගු ඡායාරූප ලබාදෙන ලෙසට පැරැණී වෛද්‍ය ක්‍රම  ගැන නිරතව සිටින වෛද්‍යවරයකුගෙන්ද සංචාරක හෝටල් ක්ෂේත්‍රය සදහා අවැසි ඡායාරූප ලබාදෙන ලෙසට හෝටල ක්ෂේත්‍රයන්ද දැනටමත් ඉල්ලීම් ලැබී ඇත.

මහාචාර්ය රොහාන් මුණසිංහ මහතාගේ   අධික්ෂණය යටතේ ඉලෙක්ට්‍රොනික් සහ  විදුලි සන්දේශ ඉංජිනේරු අංශයේ ශිෂ්‍යයින්ගේ  නිර්මාණයක් වන මෙම යානයේ පර්යේෂණ කටයුතු සිදු කරනුයේ අවසන් වසරේ ශිෂ්‍යයින් වන චාමික ගමගේ ,අනුරුද්ධ තෙන්නකෝන්, රොෂාන් ලලන්ත, එරංග ප්‍රනාන්දු,රජීව් පිරීස්,ලසන්ත කුරුකුලආරච්චි යන කණ්ඩායමයි.

දුරස්ථපාලක නියමුවන් ලෙස ලක්ෂ්මන් ගමගේ සහ ‘ආර් සී ෆ්ලයිට් එරිනා ‘සංගමයේ පසිදු මදුශංක ක්‍රියා කරයි.

රාජ්‍යය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්  ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන්,සිවිල් ගුවන්සේවා අධීකාරිය,ගුවන් හමුදාවේ නිලධාරීන් රැසක්    ඇතුළුව මොරටුව විශ්ව විද්‍යාලයයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු අංශයේ පිඨාධිපති මහාචාර්ය අනුරුද්ධ පුස්වෑවල,අංශාධිපති ආචාර්ය අජිත් පැස්කුවල් යන පිරිස ලබා දුන් සහාය යානය හඳුන්වාදුන් කණ්ඩායම ස්තූති පුර්වක සිහිපත් කරයි.

යානය නිම කිරීම සඳහා මුල්‍ය ආධාර සපයා දී ඇත්තේ මොරටුව විශ්ව විද්‍යාලයයි.

මෙම පර්යේෂණ නියමු රහිත යානය සාර්ථක පර්යේෂණ යානයක් බව පත් කැර ගැනීමට හැකි වුයේ වසර දෙකක් මුළුල්ලේ දහඅට වතාවක් ගුවන්ගත කිරීමෙන් ලබා ගත් අත්දැකිම් හා නිරීක්ෂණ මඟිනි.

එම කිසිදු අවස්ථාවක මෙම යානය අනතුරකට පත් නොවීම විශේෂ ලක්ෂණයක් බවත් මහාචාර්ය මුණසිංහ පවසයි.

3-waypoint3-aft 1932626_540743069377999_677843231_o DSC01252  DSC08218 prof.Rohan-Munasinghe

මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා

ravan_2 Untitled2

2012-team-1st-UAV-team DSC06106 DSC06111 DSC06115 Ravan-in-Flight