රිය තදබදය ,වන සංහාරය,අපදා කැරැලි කෝලහල ආදී ඕනෑම දෙයක් ගැන එසැණින් ගුවනේ සිට පොළවට ඡායාරූප එවීමේ නියමුවන් රහිත යානයක් නිපද වීමට මොරටු සරසවි සිසුහු පිරිසක් සමත් වෙති.
සරසවියේ විද්‍යුත් හා විදුලි සන්දේශ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රොහාන් මුණසිංහ පවසනුයේ අත්හදා බැලීම් සාර්ථක බවයි.
පැයට කිලෝමීටර් 80-100 ක් අතර වේගයකින් මෙම යානයට පියාසර කළ හැකි බව ඔහු පවසයි
රාවන් යනුවෙන් නම් කැර ඇති මෙය ගුවන් ගත කිරීමේ බලපත්‍රය සිවිල් ආරක්ෂක අමාත්‍යංශයෙන් හා ගුවන් හමුදාවෙන් නිකුත් කළ පසු එම අහසේ සිට සෝදිසිය අරඹන බවද මහාචාර්යවරයා කියයි.
දැනට සිදු වන්නේ අත්හදාබැලීමක් පමණක් බවද ඔහු සහදන් කරයි.
මොරටුව විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයක් වන මෙම යානය සදහා තාක්ෂණික දායතක්වය මොබිටෙල් සමාගම ලබා දී ඇත.
මොරටු සරසවිය මීට පෙර ද මෙවැනි යානා දෙකක් නිෂ්පාදනය කැර ඇත.
එම යනා දෙකට වඩා තාක්ෂණයෙන් මෙම යානය අංග සම්පුර්ණ යානයක් බවට පත්ව ඇතැයි ද මහාචාර්යවරයා සහන් කරයි.
අත්හදා බැලිමේදී යානය එකදිගට පැය බාගයක් පියාසර කැර ඇත.මෙම යානය පෞද්ගලික ආයතනයකින් මිලදී ගැනීමේ සුදානමක් ඇති බවද දැනගන්නට ඇත.
අධික රථවාහන තද බදය,වාහන සංහාරය ඇතුළු ඕනෑම ආපදාවක් හෝ කලබලයක් ගුවනේ සිට නිරීක්ෂණය කැර එසැණින් පොළවේ පාලන මධ්‍යස්ථානයට දැනුම් දීමේ හැකියාව මෙම යානය සතුව ඇත.
එසේම මේ සියලු දේ පටිගත කිරීමටද හැකිය.ලැප්ටොප් පරිගණකයකින් යානය පොළවේ සිට පාලනය කළ හැකි බව මහාචාර්ය මුණසිංහ පවසයි. යානයෙන් සිදු කළ හැකි විශ්මිත හපන්කම් හදුන්වා දීමට නියමිතය.
මොරටුව විශ්ව විද්‍යාලයයේ අවසන් වසරේ ශිෂ්‍යයින් වන චාමික ගමගේ ,ප්‍රසාද් හේමචන්ද්‍ර,සුමුදු ලන්සක්කාර හා පසන් විජේසිංහ මහාචාර්ය රොහාන් මුණසිංහගේ උපදෙස් මත මෙම යානය සෑදුහ.
ගුවන් නියමුවන් වන පසිඳු මධුෂංක හා ලක්ෂ්මන් ජයවර්ධන යන මහත්වරුන් යානය ගුවන්ගත කිරීමේ සහාය ලබා දෙන බවද සරසවි ආරංචි මාර්ග පවසයි.

