මොරටු සරසවි පුත්තු ලොකු වැඩක් කරති


මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ අංශයේ නිර්මාණාත්මක ‘සී හෝක්‘ නියමුවන් රහිත ගුවන් යානය නිල වශයෙන් හඳුන්වාදී නියමු රහිත ගුවන් යානා පර්යේෂණ මධ්‍යස්ථානයද විවෘත කැරිණි. තව මාස කීපයකින් ජාත්‍යන්තර වෙළඳපොළේ අලෙවි කිරීමටද නියමිත ය.

විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන ඉලෙක්ට්‍රොනික් විදුලිය සංදේශ අංශයේ පීඨාධිපති මහාචාර්ය අනුරුද්ධ පුස්වෙවෙල, අංශ ප්‍රධානි ආචාර්ය අජිත් පැස්කුවල් හා යානය නිර්මාණය කිරීමට මඟ පෙන්වමින් අධීක්ෂණය කළ මහාචාර්ය රොහාන් මුණසිංහ යන මහත්වරුද ඉන්ද්‍රා දයාවංශ මහත්මියද ඒ අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා ජාතික කොඩියේ අභිමානවත් බව දැක්වෙන අසිපත රැගත් සිංහ රුව ගුවන්යානයේ තටු දෙකෙහි සටහන්ව ඇත.

අමෙරිකාව සහ යුරෝපීය රටක නිර්මාණයක් ලෙසට බැලූ බැල්මට මෙම යානය දිස්වෙතියි එහි නිර්මාණකරුවෝ කියති.

ලේසර්, කාබන් ෆයිබර්, ෆයිබර් ග්ලාස් යනාදී අමු ද්‍රව්‍ය යොදා බල්සා දැව යොදා මෙම යානය නිර්මාණය කර ඇත.

බී.ඇස්.සී විද්‍යාවේදී උපාධි අපේක්ෂක චාමික ගමගේ සහ රොෂාන් ලලන්ත පර්යේෂණ සහායකයින් ලෙසද අනුරුද්ධ තෙන්නකෝන්, එරංග ප්‍රනාන්දු, සංචිත පියුමාල් සහ සංජීව ප්‍රනාන්දු ඇතුළු පිරිස මෙම යානය බිහි කිරීමට දායකත්වය දුන්හ.

1503275_1636940509866941_7340963213032112921_n 10625038_1636944796533179_6279168122807874263_n 10846291_1636940433200282_8740290445408541596_n 10846475_1636940449866947_5362773195324883838_n

IMG_9948