මොරටු සරසවි පුත්තු තවත් හපන්කමක් කරති


ඉන්ධන මඟින් ධාවනය වන මෝටර් රථයක් විදුලි බලයෙන් ධාවනය වන පරිදි පරිවර්ථනය කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් සමත්වී සිටිති. රථයේ එන්ජිම වෙනුවට ඊට විදුලි මෝටරයක් ආදේශ කිරීමෙන් මෙසේ පරිවර්තනය කර තිබේ.

යාන්ත‍්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිරෝෂ් ජයවීර සහ කථිකාචාර්ය සසිරංග ද සිල්වා යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ අවසන් වසරේ ඉගෙනුම ලබන විමුක්ති රන්දෙණි , අනුරාධ හේරත් සහ චතුර ගනීමුල්ල යන සිසුහු මෙම රථය නිර්මාණය කළහ.

‘‘සාමාන්‍ය මෝටර් රථයක ක‍්‍රියාකාරීත්වයට සමාන ක‍්‍රියාකාරීත්වයක් ලබාදෙන මෙම රථය සාමාන්‍ය පරිදි ගියර් මාරු කිරීමට හැකියි. මේ ආකාරයට  ඕනෑම මෝටර් රථයක් බැටරි බලයෙන් ධාවනය වන පරිදි සකසන්න පුළුවන්. දියුණුවෙමින් පවතින රටවල වායු දූෂණය මහත් ගැටළුවක්. පැරැණි මෝටර් රථ ධාවනයවීම පරිසර දූෂණය කෙරෙහි දැඩිව බලපානවා. විදුලි මෝටර් රථ පරිසර හිතකාමීයි.  නව මෝටර් රථ ආනයනය කිරීමට වඩා දැනට පවතින පැරැණි මෝටර් රථ විදුලි බලයෙන් ධාවනය වන පරිදි සැකසීම වඩා ලාභදායකයි.‘‘

විදුලි මෝටර් රථවල දැනට පවතින දුර්වලතාවක් වන ලෙස වරක් බැටරි ආරෝපණය කළ පසු ධාවනය කළ හැකි දුරෙහි සීමා සහිත බව නැති කරලීම කෙරෙහිද මෙම පර්යේෂණය මගින් සලකා බලා තිබෙනවා. මේ සඳහා බැටරි බලයට අමතරව ධාරිත්‍රක භාවිත කරමින් වඩා කාර්යක්‍ෂම ලෙස බැටරි බලය මෝටරය වෙත ලබාදීමට උත්සාහ කරනවා.

‘‘තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන මෙම රථයේ වේගය පැයට කිලෝමීටර 80 ක් වන අතර වරක් ආරෝපණය කළ පසුව බැටරි බලයෙන් කිලෝමීටර 40 ක් ධාවනය කළ හැකි වෙනවා. මෙම දුර වැඩි කර ගැනීමට අපි තවමත් පරීක්‍ෂණ පවත්වනවා. ඒ වගේම වඩා බලවත් මෝටරයක් භාවිත කිරීම මගින් කිලෝමීටර 120 ක උපරිම වේගයෙන් ධාවනය කිරීමට හැකිවන බව විශ්වාසයි.’’

IMG_5936 IMG_5938 IMG_5942 Lecturar-Sasiranga

කථිකාචාර්ය - සසිරංග ද සිල්වා

Senior-Lecturer-Nirosh-Jayaweera

ආචාර්ය නිරෝෂ් ජයවීර

Three-Students Used-Motor