මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය මගින් සතර වැනි වරටත් සංවිධානය කරන පැහැසර 2013 කලා සහ සංස්කෘතික මහෝත්සවය දෙසැම්බර් මස 3 -5 දිනයන් හි විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට යයි.
සාහිත්‍ය ,සිතුවම්, ඡායාරූප, කෙටි චිත්‍රපට, නාට්‍ය, සංගීත ,නැටුම් අංශ සඳහා වන තරග ප්‍රදර්ශන හා වැඩමුළුවලින් සමන්විත වන මෙම උත්සවය විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම පාසල් සිසුන්ට ද තම හැකියා හඳුනාගැනීමටත් ඔප නංවා ගැනීමටත් මහඟු අවස්ථාවක් වනු ඇත.
අඩු වරප්‍රසාදලාභී සිසුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට ඉංජීනේරු සිසුහු මේ වැඩසටහනේදී තවත් මෙහෙවරක් ඉටු කරති.