මොරටු සබෙත් ආයු වැඩිවෙයි


මොරටුව නගර සභාවේ ධූර කාලයද දීර්ඝ කර ඇතැයි පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නගර සභා පරිපාලනයට දැනුම් දී ඇත.

පසුගිය 16 වැනිදා නගර සභාවේ ධූර කාලය නිමවීමට නියමිතව තිබූ අතර එදින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයකින් අනෙක් පළාත් පාලන ආයතනවල කාලසීමාව මේ වසරේ දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරිණි.

මොරටුව නගර සභාවේ නම සඳහන් නොවීම හේතුවෙන් ගැටළුවක් පැන නැගී තිබූ අතර එයට විසඳුමක් ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ මොරටුව නගර සභාවේ ධූර කාලයද දික්කර ඇති බවයි.

ඒ සම්බන්ධ ආරංචිය ලැබීමත් සමග නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිස සතුට පළ කරමින් රතිඥ්ඥා දැල්වූහ.

මේ අතර නගරාධිපති පසුගියදා නගර සභාවට පැමිණ රූපවාහිනියක් හා මේසයක් තම පෞද්ගලික දේපළ බව පවසමින් රැගෙන ගියේය. නියෝජ්‍ය නගරාධිපති එසේ කියමින් බුදු පිළිමයක් රැගෙන ගියේය. මේ වන තෙක් ඒවා නැවත නගර සභාවට ගෙනැවිත් නැති බව එහි ආරංචි කියයි.

12106933_1217158571644449_389201510193307012797387514_n[1]-copy 12108153_1217158951644411_345201510196891591116875510_n[1]-copy 12118601_1217158588311114_221441912304201510195286242_n[1]-copy