මොරටුව වේල්ස් කුමර විදුහලේ හිටපු විදුහල්පති යළි ඉල්ලා මෙතෙක් පාසල ඉදිරිපිට ගෙනගිය උද්ඝෝෂණයේ ස්වරූපය අද වෙනස් අතකට හැරුණේය. නව විදුහල්පති වැඩ භාරගැනීමට ඉඩනොදී අවහිර කළැයි මොරටු පුරපති ඇතුළු පිරිසක් උසාවි කැඳවීමත් සමඟ භික්ෂූහු කිහිප නමක් පාසල් ගේට්ටුව ඉදිරිපිට පිරිත් දේශනා කරන්නට වූහ.
ගේට්ටුව වසා තිබූ අතර මව්පියන් ද සිසුහු ද එහි රැස්ව සිටියහ. තමා අද උසාවියන බව මොරටු පුරපති එසැණට කීවේය.
ඡායාරූප සුරංජිත් පෙරේරා





