මොරටු වඩු කාර්මිකයන්ගෙන් රජයට සංදේශයක්


වරුවකටත් වැඩි වේලාවක් ගාලු පාරේ උද්ඝෝෂණය කළ වඩු කාර්මිකයෝ මොරටුවේ වීර පුරන්අප්පු ක්‍රීඩාංගනය රැස්වූහ. රජයට බාරදීම සඳහා සංදේශයක් ප්‍රදේශිය ලේකම් ජේ.සී. නිරෝෂණ මහතාට බාර දුන්හ. මොල්පේ ආනන්දාරාමාධිපති බේරුවල ආනන්ද හිමියෝ එම සංදේශය ලේකම්බරයාට බාර දෙමින් පැවසුයේ  වඩු කාර්මිකයන්ගේ දුක් ගැනවිලි වලට ඉක්මණින් සහානය සලසන ලෙසයි. එතෙක් පැයකට ආසන්න කාලයක් පොලිස් ආරක්ෂාව යටතේ රැඳි සිටි ඇමැති ජිවන් කුමාරතුංග මහතා නික්ම ගියේය. ගාලු පාරේ වාහන තද බදයට අවසන් විය.