මොරටු රොබෝ දෙන්නා මුල් තැනට


ඉන්දියාවේ පැවැති ජාත්‍යන්තර රොබෝ  තරගාවලියේදී රටවල් එකොළහක්  අභිබවා එහි ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට  මොරටුව විශ්ව විද්‍යාලය සමත් වු බව  එහි විදුලි සංදේශ සහ ඉලෙක්ට්‍රොනික් අංශයේ මහාචාර්ය රොහාන් මුණසිංහ මහතා මහතා පැවසීය.

සියුම් කාර්ය සූක්ෂමව හා වේගවත්ව කිරීමට රොබෝ තාක්ෂණය යොදා ගැනීම යන  තේමාව යටතේ මෙම තරගය පැවැත්විණි.

ඉන්ටර්නැෂනල් රොබෝටික් චැලෙන්ජ් 2015 ලෙසින්  මෙය නම් කැර තිබිණි.

ජනවාරි 4 වැනිදා  තරගය පැවැතියේ ලොව ප්‍රසිද්ධ අයිඅයි බී බොම්බේ විශ්ව විද්‍යාලයයේය.

ඉලෙක්ට්‍රොනික් සහ විදුලි සන්දේශ ඉංජිනේරු  අංශයේ  තරිදු කළුආරච්චි ,චානක සිංහබාහු ,රන්දික ප්‍රබුද්ධ,ධනුෂ්ක දම්රුවන් ඇතුළුව යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ  නුෂේන් සෙනවිරත්න සිසුහු ජයග්‍රාහි කණ්ඩායමට අයත් වෙති.

ට්‍රොටර් 1.0 ලෙසින් මෙම ජයග්‍රාහි කණ්ඩායම තරගයට ඉදිරිපත් විය.

මෙම තරගය සඳහා  රොබෝවරුන් දෙදෙනකු  මොරටුව විශ්ව විද්‍යාලය නිර්මාණය කළේය.ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රොබෝවරයකු  සහ  දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන  රොබෝවරයකු  ඊට අයත් විය.

මෙම රොබෝවරුන් දෙදෙනා  තරගයට සහභාගී කරවා ගත්තේය.මේ තරගය  සඳහා  ලෝකයේ රටවල් එකොළහක විශ්ව විද්‍යාල ඉදිරිපත් වී තිබිණි.

ඒ සියල්ල අභිබවා  ප්‍රථම ස්ථානය හිමි කැර ගැනීමට  මොරටුව විශ්ව විද්‍යාලය සමත් විය.

එය ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය හමුවේ ලැබුණු ප්‍රබල කීර්තියක් බවත් මහාචාර්ය රොහාන් මුණසිංහ පැවසීය.

DSC_1118 DSC_1122 DSC_1593 DSC_1595