මොරටු මහ විදුහල කඩුලූ 5 ට 82 යි


මොරටු මහ විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී අද (16) ආරම්භ වූ 60 වැනි ‘රන් සටන’ මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් ක‍්‍රීඩාව නතර කරන විට මොරටු මහ විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 82 ක් ලබා සිටියේය. ශ්‍රී සුමංගල විදුහල් නායක අරුණ ධර්මසේන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 226 ක් රැස් කිරීමට සමත් විය.