එගොඩඋයන සුනන්දෝපනන්දාරාමා හිමි නම ඝාතනය සැකකාර මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර පසුගියදා රිමාන්ඩ් බාරයේ සිට නගරසභා රැස්වීමට ගෙනා දිනයේ ඔහුට බාධා කළැයි කියන හිමිවරුන් හය නමකගේ නම් පමණක් ඉදිරිපත් කර නොතිසි ගැනීමට මොරටුව අතිරේක මහේස්ත්‍රාත් එම්.එම්. මිහායිල් මහතා මොරටුව පොලිසියට දොස් කීවේය.
ලිපිනයන් නැතිව හිමිවරුන්ගේ නම් ඉදිරිපත් කිරීමත් උප පුරපතිට ආරක්ෂාව සැලසීමට නොහැකිවීමත් පොලිසියේ දුර්වලකමක් බව මහේස්ත්‍රාත් පැවසීය. උසාවි වැඩවලදී මීටවඩා සැලකිලිමත් වන්නැයි මහේස්ත්‍රාත් පොලිසියට අවවාද කළේය.

