මොරටු පුරපතිත් උසාවි කැඳවයි


නව විදුහල්පතිට වැඩ බාර ගැනීමට නොහැකි වන අයුරින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රණාන්දු ඇතුළු නව දෙනකුට අද උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර ඇත.

මේ අතර විදුහල ඉදිරිපිට ඉදි කර තුබූ අට්ටාලය ද අද උදෑසන වන විට ඉවත් කර තිබේ.

අද උදේත් මව්පියෝ සියයක් පමණ පාසල ඉදිරිපිට රැස්වී සිටිති.