මොරටු නගර සභාව යුද පිටියක්


එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනයේ සැකකරුවකු වන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට නගර සභා රැස්වීමට අද කැඳවාගෙන ආ නමුත් නගර සභාවට රැස්වූ මහා සංඝරත්නය ඔහුට බසයෙන් බැසීමට ඉඩ නොදුන්හ. ඔහු රැගත් රිය නගර සභාවේ වැඩබිම් දොරටුවෙන් ඇතුලට ගනිත්ම ගුටි බැට හුවමාරුවක් ද ඇතිවිය. එහිදී හිමිනමක් සහ නගර සභා සේවකයකු තුවාල ලදහ.

උප පුරපති බසයේ කොටුවී සිටියි. එහුට පක්ෂ හා විපක්ෂ ආධාරකරුවෝ 1500 ක් පමණ කෑ කෝ ගසමින් තර්ජනය කරමින් වහසිබස් බෙණෙමින් මහා ගාලගොට්ටියක් කරති. නගර සභා රැස්වීම ද නියමිත වේලාවට ඇරඹුනේ නැත. කැරළි මර්ධන පොලීසිය ද පැමිණ සිටියි.